කොන්ත්‍රාත්කරුවන් ලියාපදිංචි කිරීම - 2026
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - පල්ලේපොල
පල්ලේපොල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මඟින් 2026 ර්වෂයේදී සිදුකරන සංර්වධන ව්‍යාපෘති සඳහා සුදුසුකම්ලත් කොන්ත්‍රාත් කරුවන්ගෙන් 2026/01/31 දින දක්වාඅයදුම්පත් කැඳවනු ලැබේ.
- අයදුම්පත් ලබාගත හැකි ආකාරය
- පල්ලේපොල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිල වෙබ් අඩවියන් භාගත කිරීමෙන්
- පල්ලේපොල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සැලසුම් අංශයෙන්.
- ලියාපදිංචි ගාස්තුව
- එක් කොන්ත්‍රාත්කරුවකු සඳහා ලියාපදිංචි ගාස්තුව රු.400.00 ක් වන අතර පල්ලේපොල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සරප් වෙත මුදල් ගෙවා කුවිතාන්සියක් ලබා ගත යුතුය.
- අයදුම්පත් කැඳවීම
- අයදුම්පත් බහාලන කවරයේ වම්පස ඉහළ කෙලවර “කොන්ත්‍රාත්කරුවන් ලියාපදිංචි කිරීම - 2026" ලෙස සඳහන් කර ලියාපදිංචි තැපෑලෙන් එවීම හෝ අතින් ගෙනවිත් සැලසුම් අංශය වෙත භාරදීම.
- ලියාපදිංචි කිරීම අවසන් වන දිනය 2026/01/31 වේ.
- අවශ්‍ය වන ලියවිලි
- සම්පූණ කල අයදුම්පත්‍රය.
- මුදල් ගෙවූ කුවිතාන්සිය .
- ඉදිකිරීම් අභ්‍යාස හා සංවර්ධන ආයතනයේ (ICTAD) ලියාපදිංචි සහතිකයේ පිටපතක් .
- පසුගිය වසර 05 තුල ක්‍රියාත්මක කල කොන්ත්‍රාත් පිළිබඳ විස්තර.
- බැංකු ගිණුම් විස්තර.
වැඩිදුර තොරතුරු සඳහා පල්ලේපොල ප්‍රාදේශීය ලේකම් කායාලයේ සහකාර අධ්‍යක්ෂ(ක්‍රමසම්පාදන) අමතන්න.-0662247238.
















